Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd January 2025 14:04:13 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් 2025 ජනවාරි මස 22 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාලයේදී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුරදී, සිවිල් ප්‍රජාවගේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා අවන්හල් වෙනුවෙන් ප්ලාස්ටික් පුටු 100 ක් සහ ප්ලාස්ටික් මේස 10 ක් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා එම දරු දැරියන් වෙත පාසල් පොත් 1,500 ක් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගි විය. සුබසාධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය හා පුද්ගලික සමාගම් අතර පවතින සහයෝගීතාවය පෙන්නුම් කරමින් ෆොන්ටෙරා සමාගමේ සහකාර අධ්‍යක්‍ෂතුමන් ප්‍රමුඛ එම ආයතනයේ තවත් නිලධාරින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.