Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd January 2025 13:18:09 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් චිත්‍ර තරඟයක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ දරු දැරියන් වෙනුවෙන් ‘පිපෙන විරු තරු’ තේමාව ඔස්සේ චිත්‍ර තරඟයක් පැවැත්විය.

ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2025 ජනවාරි මස 19 දින පැවති මෙම චිත්‍ර තරඟය සඳහා දරු දැරියන් 109 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතරින් 12 දෙනෙකු ජයග්‍රහණය කරනු ලැබීය. එහිදී, එම ජයග්‍රාහකයින් වෙත ත්‍යාග, සහතිකපත් සහ අත්‍යවශ්‍ය පාසල් උපකරණ මෙන්ම සියළුම සහභාගිවූවන් වෙත ඇගයීම් සහතිකපත් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.