Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th January 2025 10:51:53 Hours

ගාල්ල විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව අවසන්

ගාල්ල විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 17 දින ගාල්ල, හෝල් ඩී ගෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හා අජන්තා ද සිල්වා මහත්මියගේ අධීක්‍ෂණය මත පෙරපාසල් භාරකරු, ගුරු භවතුන් සහ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකවක් වන අජන්තා ද සිල්වා මහත්මිය සහභාගි වූ අතර එතුමිය වෙත ළමුන් විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූහ.

පසුව, පෙර පාසල් ළමුන් පිරිසක් විසින් වර්ණවත් පිළිගැනීමේ නර්තනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දරු දැරියන්ගේ සෞන්දර්යාත්මක කුසලතා එළිදක්වමින් වර්ණවත් නර්තන අංග, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍යයන් සහ ගීත ඉදිරිපත් කිරීම් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවා වනිතා සාමාජිකාවන් සහ පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් රැසක් සහභාගි වූහ.