Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd January 2025 13:23:17 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ අධීක්‍ෂණය මත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 ජනවාරි මස 19 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේජර් ජෙනරල් අනිල් පීරිස් (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත ‘හිසට සෙවණක්’ සංකල්පයට සමගාමීව පරිත්‍යාගශීලියෙකු විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් සිදුකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුරදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත රුපියල් 20,000.00 ක වටිනාකමකින් යුත් විදුලි උපකරණ සහ වියළි ආහාර සලාක පාර්සලයක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.