Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st January 2025 16:24:55 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දුලාෂි මීපාගල මහත්මියගේ මූලිකත්වයෙන් එම බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජනවාරි මස 18 දින පැවැත්විය.

රැස්වීම අතරතුරදී, පසුගිය සුභසාධන වැඩසටහන් පිළිබඳ වාර්ථාවන් සහ ඉදිරි වර්ෂය සඳහා සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

වැඩසටහනේ කොටසක් ලෙස, එම බලකායේ සෙසුනිලයන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා අත්‍යාවශ්‍ය භාන්ඩ පාර්සල් 61ක් බෙදා දුන් අතර, මාසික මහා සභා රැස්වීම ආරම්භ වීමට ප්‍රථම සහභාගී වූ සියලු දෙනා වෙත තේ පැන් සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි වූහ.