21st January 2025 16:26:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 24 දින වැල්ලවත්ත, ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරු දැරියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරනු ලැබිණි.
එහිදී, මෙම වැඩසටහනේ කොටසක් ලෙස දානමය පිංකමක් සහ ධර්ම දේශනාවක් පැවැත්වීය. එමෙන්ම, එම ළමුන්‍ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා කැලිප්සෝ සංගීත කණ්ඩායම වෙතින් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.