Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st January 2025 14:12:01 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපති වෙත ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී 2025 ජනවාරි මස 10 දින පැවැත්වීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් වර්ණවත් නර්තන අංගයක් පැවැත්වීමෙන් අනතුරුව විශේෂ ඉදිරිපත් කිරීමක් ද සිදුකෙරිණි. උත්සවය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ ලේකම් චතුරානි ඕවිටිගල මහත්මිය විසින් ස්තූති කතාව පැවැත්වූ අතර නව සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ සුරතින් ධූරයෙන් නික්ම යන සභාපතිනි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළාය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.