Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st January 2025 14:09:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ජාවත්ත වැඩිහිටි නිවාසයේ යටිතල පහසුකම් සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරයි

කළුතර උතුර, ජාවත්ත වැඩිහිටි නිවාසයේ පාලක මණ්ඩලය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම මත ප්‍රතිසංස්කරණය කරනු ලැබූ එම වැඩිහිටි නිවාසයේ යටිතල පහසුකම් සංකීර්ණය 2025 ජනවාරි මස 10 දින නිල වශයෙන් භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.