Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th January 2025 11:50:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සමඟ එ්කාබද්ධව 2025 ජනවාරි මස 4 දින මහරගම අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් සහ ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මාතෘ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මිය සහභාගි විය.

වැඩසටහන අතරතුරදී, පිළිකා රෝගීන් වෙනුවෙන් ලිඳගල ආනන්ද හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත රු. 490,000.00 ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය ආධාර සහ රු. 300,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

එමෙන්ම, මෙම වැඩසටහන යටතේ එම රෙජිමේන්තු මූලස්ථානය යටතේ සේවයේ නියුතු ගර්භනී කාන්තා සෙබලියන් වෙත පෝෂ්‍යදායි දිවා ආහාර වේලක්, පෝෂණ ද්‍රව්‍ය සහ මාතෘ අවශ්‍යතා බෙදාදීමේ වැඩසටහනක් මෙන්ම විනෝදාස්වාද වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන්ගේ සහ යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ දායකත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

තවද, පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ට සහාය දැක්වීමේ අරමුණින් රු. 100,000.00 ක මූල්‍ය පරිත්‍යාගක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.