15th January 2025 17:39:27 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන්ගේ සම්පූර්ණයෙන් ඉදිකර නොමැති නිවාස ඉදිකර දී ඔවුන්ට සහාය වීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය යටතේ, නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
එම ව්‍යාපෘතියේ දෙවන අදියරේ දී, බළලත් නිලධාරී II කේ.එම්.එන්.බී. දිසානායක සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවස 17 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 12 දින එම ප්‍රථිලාභීන් වෙත ලබාදෙන ලදී.
නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් ලබාදුන් අතර, 17 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.