Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th January 2025 19:01:51 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම ඒකකයේ සුභසාධක ව්‍යපෘතීන් නිරීක්‍ෂණය කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 10 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලබන සුභසාධක ව්‍යපෘතීන් නිරීක්‍ෂණය කිරීමේ නිල සංචාරයක නිරත විය.

එහිදී එතුමිය සේවා වනිතා අයවැය මධ්‍යස්ථානය, බේකරිය/ආපනශාලාව, පිරිමි කරණවෑමිහල, කාන්තා රූපලාවන්‍යාගාරය, මධ්‍යම ප්‍රමාණයේ උත්සව ශාලාව, මැහුම්හල, අකුරේගොඩ හා කින්නදෙණිය සුභසාධක වෙළදසැල් සහ ආපනශාලා මෙන්ම සේවා වනිතා සුභසාදක වෙළද සැල සන්ෆලවර් ගම්මානය යන ස්ථානයන්හි නිරීක්‍ෂණ චාරිකාවේ නිරත විය.

නිල සංචාරයේදී එතුමිය එම ස්ථානයන්හි පිරිසිදුකම පවත්වා ගැනීම, ගනුදෙනුකරුවන් ආකර්ෂණය වන ආකාරයට භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම, සනීපාරක්‍ෂක පහසුකම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, ගොඩනැගිලි නඩත්තු කිරීම, පුද්ගලික සනීපාරක්‍ෂාවේ වැදගත්කම, සේවාවන්හි ගුණාත්මක භාවය, ආහාර සැකසීමේදී සහ අනෙකුත් නිෂ්පාදන ක්‍රියාවලියන්හිදී උසස් තත්ත්වයේ අමු ද්‍රව්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාවය ආදී කරුණු පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.