08th January 2025 12:49:29 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 17 වන සභාපතිනිය ලෙස ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
නව සභාපතිනිය පැමිණිමෙන් පසු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි විසින් එතුමියව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී උත්සව අවස්ථාවට සහභාගී වෙමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන ලදී.
සම්ප්‍රදායට අනුකූලව, සුබ මොහොතින් නව ධූරයේ රාජකාරි කටයුතු භාර ගැනීම සනිටුහන් කරමින් එතුමිය නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම අවස්ථාවට සියලු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහභාගී වූ අතර, අනතුරුව, රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් විසින් නව සභාපතිනිය වෙත තම සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කරන ලදී. පසුව ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් පසු තේ පැන් සංග්‍රහයකට සහභාගී වූහ.
පසුව, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කිරීම වෙනුවෙන් සමරු සටහනක් තැබූ අතර, අනතුරුව, එතුමිය පැමිණ සිටි අය සමඟින් සුහඳ පිළිසඳරක නිරත විය.
ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ කෙටි හැදින්වීමක් පහතින් දැක්වේ:
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 17 වන සභාපතිනි ලෙස ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 07 දින ධූරයේ රාජකාරි භාරගත්තාය.
සුමනතිස්ස සමරසිංහ දිසානායක මහතා සහ ප්‍රියානි වනසිංහ මහත්මියගේ දියණියන් තිදෙනාගෙන් එක් දියණියකු වන ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ අභිමානවත් ආදි ශිෂ්‍යාවකි.
මීට ප්‍රථම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ එතුමිය එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, දැනුම වැඩි දියුණු කිරීම මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන්, සිවිල් සේවක කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය අරමුණු කරගනිමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළාය.
සේවාවනිතා සාමාජිකාවන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඇතිව වෛද්‍ය ආධාර සහ නිවාස පරිත්‍යාග වැඩසටහන්ද ක්‍රියාත්මක කළාය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ලෙස, ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය කාලතුවක්කු හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම සඳහා නව ආදායම් මාර්ග සහ සුභසාධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට ද එතුමිය නායකත්වය ලබාදුන්නාය.
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආර්ථික සුභසාධනය සහ පුද්ගල ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමේ වගකීම පෙන්වා දුන් ඇය රැකියාව සහ පවුල් ජීවිතය සමතුලිත සමබරව පවත්වා ගනිමින් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය.
එමෙන්ම උපදේශන සහ වැඩසටහන් තුලින් රාජකාරින් සහ පුද්ගලික ජිවිතය සමතුලිතව පවත්වාගැනීම පිළිබදවද දැනුවත් කිරීම එතුමිය විසින් සිදු කරන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන්, සිය අත්දැකීම් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම තවදුරටත් වැඩිදියුණු කිරීමට ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය කැපවීමෙන් කටයුතු කරන අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ යුද්ධ හමුදා සාමාජිකයන්ට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා සහයෝගය ලබා දීම ඇයගේ දැක්ම වේ.