02nd January 2025 14:12:40 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 දෙසැම්බර් මස 28 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක කාර්යය මණ්ඩලයේ පාසල් දරු දැරියන් 105 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී සමඟින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මිය සහභාගි විය.
මෙම වැඩසටහන අතරතුරදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දරුවෙකු වෙත සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. පරිත්‍යාග වැඩසටහන සමාප්තියෙන් පසු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම ද පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක කාර්යය මණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ දුවා දරුවන් පිරිසක් සහභාගී වූහ.