29th December 2024 17:28:04 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ වියලි සලාක ආහාර බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 26 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාලයේදී පැවැත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී.
ඒ අනුව, හමුදාධිපති ලේකම් කාර්යාලයේ, යුද්ධ හමුදා මූලස්ථානයේ සහ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන්ගේ ආර්ථික අපහසුතාවයන්ට යම්කිසි මූල්‍යමය දායකත්වයක් ලබාදීමේ අරමුණින් වියළි ආහාර සලාක පාර්සල් 200 ක් බෙදා දෙන ලදී.
මෙම වැඩසටන සඳහා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.