29th December 2024 17:22:45 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන්වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 24 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ප්‍රතිලාභීන් වෙත වියළි අහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන්ගේ ආර්ථික අපහසුතාවයන්ට සහන සැලසීමේ අරමුණින් මෙම පරිත්‍යාග වැඩසටහන සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.