23rd December 2024 13:40:46 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 දෙසැම්බර් මස 18 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී සිවිල් සේවක මහත්වරුන් 33 දෙනෙකුගේ සේවය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත රු. 165,000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
එහිදී, සිවිල් සේවක මහතෙකුගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවෙකුගේ නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු සඳහා රු. 200,000 ක මූල්‍ය පරිත්‍යාගයන් සිදුකරනු ලැබිණි.
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ගේ උපදෙස් සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.