23rd December 2024 14:39:07 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 75 වන සංවත්සර දිනයට සමගාමීව එම සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික පොත් පරිත්‍යාග වැඩසටහන 2024 දෙසැම්බර් මස 20 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මිය සහභාගි විය. වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 4.3 ක් වටිනා පොත් 3,240 කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබිණි. මෙම අවස්ථාවේදී, දූ දරුවන් 28 දෙනෙකු වෙත සංකේතාත්මකව පොත් පාර්සල් සහ රුපියල් 2,000 ක මුදල් වවුචර්පත් පරිත්‍යාග කෙරිණි.
එමෙන්ම, එදින 2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අපොස (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 33 දෙනෙකු වෙත ශිෂ්‍යත්වයන් ප්රදානය ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.