17th December 2024 14:17:05 Hours
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ අධීක්ෂණය මත නත්තල් දින සැමරුමට සමගාමීව 2024 දෙසැම්බර් මස 11 දින පිටකෝට්ටේ පිහිටි ‘තලිතා කුම්’ ශාන්ත ආනා කන්‍යාරාමයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ සුවදුක් විමසා බැලීම සහ පොදු අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම කන්‍යාරාමයේ සංචාරයක නිරතවිය.
සංචාරය අතරතුරදී, එම කන්‍යාරාමය වෙත ඖෂධ, වියළි ආහාර සලාක පාර්සල්, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, අළුත්වැඩියා කරනු ලැබූ ත්‍රිරෝද රථයක් සහ රුපියල් 130,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. සංචාරය සමාප්තියේ කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් සමඟින් සුහඳ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය.
මෙම සංචාරය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.