13th December 2024 07:10:22 Hours
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව හා ඉන්දිරා පිළිකා අරමුදල එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 07 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහාලේකම් මහත්මිය සහභාගී විය.
ඉන්දිරා පිළිකා අරමුදලේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහතා සහ කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනි තුනුජා සුබසිංහ මහත්මිය විසින් මෙම දේශනය පවත්වනු ලැබිණි. මෙම වැඩසටහන අතරතුරදී, එම සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම ද පැවැත්විණි. එම අවස්ථාව සඳහා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.