Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th December 2024 11:44:03 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් අවශ්‍යතා ඇති පුද්ගලයන් සහ දරුවන්ට වියළි සලාක ඇසුරුම් සහ පාසල් උපකරණ බෙදා දෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරක්‍ෂක සේනා - බටහිර සහ සේවාවනිතා ව්‍යාපෘතිවල සේවය කරන තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවකයින් වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සේවාවනිතා කාර්යාලයේදී 2024 දෙසැම්බර් මස 11 දින වියළි සලාක ඇසුරුම් 200ක් බෙදා දෙන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් වියළි සලාක ඇසුරුම් බෙදාදෙන ලදී.

මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පාසල් උපකරණ කට්ටල 30 ක් සහකාර අධ්‍යක්ෂක (ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක සම්බන්ධීකරණ) වෙත ලබාදෙන ලදී. පසුව, මෙම උපකරණ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි 'SWANS' ග්‍රාමීය පෙර පාසලෙහි දරුදැරියන් වෙත ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් එක්ව සිටියහ.