11th December 2024 18:14:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස උදාරි ගමගේ මහත්මිය 2024 දෙසැම්බර් මස 10 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
එම බලකා සේවා වනිතා ශාඛාවේ ලේකම්තුමිය විසින් නව සභාපතිනියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, එතුමිය සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.
අනතුරුව,එතුමිය සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව ඉදිරි සුබසාධන වැඩසටහන් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් සුහඳව සාකච්ඡාවක නිරත වූහ.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.