07th December 2024 22:47:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ කරන්දෙණිය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පොත් 200 කින් සමන්විත නව පුස්තකාලයක් සියලු නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ ප්‍රයෝජනය සඳහා 2024 දෙසැම්බර් මස 01 දින විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහභාගී විය.
පශු සම්පත් බලකා පාසලේ හි කලන සී වාකිෂ්ඨ මහතා, නිලංකා රත්නායක මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු වටිනා පොත්පත් රාශියක් පුස්තකාලයට පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.