Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th December 2024 07:23:18 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලය වෙතින් ත්‍රිවිධ හමුදාවන්හි සේවයේ නියුතු ගර්භනී මාතාවන් වෙනුවෙන් දේශනයක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලය වෙතින් 2024 නොවැම්බර් මස 29 දින යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි සේවයේ නියුතු ගර්භනී සෙබළියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවන්හි සේවයේ නියුතු ගර්භනී සෙබළියන් 120 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගර්භනී මව්වරුන් වෙත ‘Nature Secret’ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් එම ගර්භනී මව්වරුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.