28th November 2024 11:53:00 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 25 දින පැවැත්විණි.
යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දිවංගත රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලදී. පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරන ලද සේවාවන් ඇතුළත් කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කරන ලදී.
ඉන් අනතුරුව, සභාව ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි එම ඒකකය වෙතින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ පැහැදිළි කළාය. පසුව, එම ඒකකයේ ලේකම් නන්දනී සමරකෝන් මහත්මිය විසින් පෙර රැස්වීම් වාර්ථාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික මේජර් සී.ජී.පී.සී. කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයන් සිව් දෙනෙකුට ඔවුන්ගේ නිවාස ඉදිකරගැනීම සඳහා රුපියල් 600,000/- බැගින් මූල්‍ය ප්‍රදානයක් සිදුකරන ලදී. මීට අමතරව, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කිරීම සඳහා තවත් සාමාජිකයන් පස්දෙනෙකු වෙත රුපියල් 450,000/- බැගින් මූල්‍ය ප්‍රදානයන් සිදුකරන ලද අතර, තවත් දෙදෙනෙකුගේ අවශ්‍යතාවයන් සඳහා රුපියල් 250,000/- බැගින් පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුගේ ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. මීට අමතරව, එම රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුගේ දරු දැරියන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙන ලදී. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක සහිත පාර්සල් බෙදාදෙන ලදී.
මාසික මහසභා රැස්වීමේ සමාප්තියේ සියලු සාමාජිකාවන් සුහඳ තේ පැන් සංග්‍රහයකට එක්වූ අතර, එහිදී යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි සහ සාමාජිකාවන් සුහඳ පිළිසදරක නිරත විය.