27th November 2024 21:02:52 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ රට වෙනුවෙන් දිවි පිදූ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ රණවිරුවන් ගේ පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහනක් ගන්නෝරුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් රණවිරු ස්මාරකය පරිශ්‍රයේදී 2024 නොවැම්බර් මස 23 දින පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී එම පුහුණු පාසලේ දායකත්වයෙන් රණවිරු පවුල් සඳහා පෝසිලේන් භාණ්ඩ සහ ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී , ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.