28th November 2024 06:30:11 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ පනාගොඩ, 1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යටතේ රාජකාරි කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරීයෙකුගේ භාර්යාව විසින් ප්‍රසූත කරනු ලැබූ අලුත උපන් තුන් නිවුන් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා 2024 නොවැම්බර් මස 21 දින ළඳරු කිරිපිටි පාර්සල් ප්රදානය කරන ලදී.
මෙම පරිත්‍යාගය අතරතුර මාස පහක කාලයක් සඳහා ළඳරු කිරිපිටි මිලදී ගැනීමට රුපියල් 125,000ක වටිනාකමකට සමාන වව්චර්පත් ලබාදුන්හ. මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.