26th November 2024 17:44:35 Hours
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ, කොළඹ අසරණ සරණ සමිතියේ හිටපු ලේකම් සුපෙම් ද සිල්වා මහතාගේ සහයෝගයෙන් 2024 නොවැම්බර් මස 21, 22, 23 සහ 24 යන දිනයන්හිදී මඩවල, උල්පොත චන්ද්‍ර බිම්බාරාම විහාරස්ථානයේ දී යටවත්ත ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා කෘතිම පාද සහ ඇස් කණ්ණාඩි ප්රදානය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
විශේෂ බලකා සේවා වනිතා ශාඛාව, මෙම වැඩසටහන මගින් පුද්ගලයින් 256 දෙනෙකුගේ අක්ෂි පරීක්ෂා පරීක්ෂාවට ලක්කර අතර, පළමු අදියරේදී ඇස් කණ්නාඩි 220 ක් ලබා දුන්හ. තවද, දෘශ්‍යාබාධිත රෝගීන් 45 දෙනෙකු ශල්‍යකර්ම සඳහා ද යොමු කරන ලදී. මීට අමතරව, ආබාධිත පුද්ගලයින් 21 දෙනෙකු සඳහා කෘත්‍රිම පාද ලබාදීමක් ද සිදුකරන ලද අතර, වෛද්‍ය සායනය සඳහා සහභාගී වූවන් සඳහා තේපැන් සංග්‍රහයක් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.