Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th November 2024 17:46:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික පොත් බෙදාදීමේ වැඩසටහන සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරනු ලබන වාර්ෂික පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහන 2024 නොවැම්බර් මස 08 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මිය සහභාගී විය.

මෙම වැඩසටහන මගින් එම රෙජිමේන්තුවට අයත් හමුදා සාමාජිකයන්ගේ පවුල් වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 300 දෙනෙකු අතර රු. 489,748.40.00ක් වටිනාකමකින් යුත් පොත් 4397 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබූ අතර, එදින ළමුන් 34 දෙනෙකු වෙත සංකේතාත්මකව පොත් පරිත්‍යාග කරනු ලැබීය. වැඩසටහන වර්ණවත් කරමින් ළමුන් විසින් විවිධප්‍රසංගයක්ද පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මහතුන් සහ ළමුන් සහභාගී වූහ.