25th November 2024 23:29:49 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් මහනුවර, අරුප්පල, ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2024 නොවැම්බර් මස 21 දින ක්‍රියාත්මක කරන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ගංගා හේරත් මහත්මිය සහභාගී වූ අතර, එහිදී සිසුන් 41 දෙනෙකුට අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ උපාංග ඇසුරුම් බෙදා දීමෙන් අනතුරුව, ඔවුන් වෙත දිවා ආහාර ද ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන්, සෙසුනිලයන්, පාසලේ විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය සහ සිසුන් සහභාගී වූ අතර, උත්සවය අවසානයේදී පාසල් විදුහල්පතිතුමිය වෙත එම පාසලේ පුස්තකාලය වෙත පොත් එකතුවක් ද පිරිනමනු ලැබූහ.