Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd November 2024 08:10:19 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 නොවැම්බර් මස 21 දින පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන යටතේ යුද්ධ හමුදා සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 250 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගි වූවාය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන යුද්ධ හමුදා සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සතු ආර්ථික අපහසුතා සඳහා සහන ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන අතරතුරදී, ජානකී ලියනගේ මහත්මිය විසින් සංකේතාත්මකව එම පාසල් උපකරණ සිසු සිසුවියන් අතර බෙදාදීම සඳහා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ හසිනි පල්ලාවල මහත්මිය වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.