20th November 2024 12:52:13 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 17 දින කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම බලකායේ රාජකාරියෙහි නියුතු සෙසුනිලයන්ගේ ගැබිණි භාර්යාවන් 26 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.
එම වැඩසටහනට සමගාමීව කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනි තුනුජා සුබසිංහ මහත්මිය විසින් ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් පිළිබඳව දේශනයක් ද පවත්වන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.