20th November 2024 12:38:30 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව, නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම සමඟ එක්ව 2024 නොවැම්බර් මස 9 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සූපවේදී වැඩමුළුවක් පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මිය සහභාගී විය.
කුඩා පරිමාණයේ රසකැවිලි ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මූලික කරගනිමින් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 150 දෙනෙකු පමණ සහභාගී වූහ. එහිදී, නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම විසින් ස්වයං රැකියා කිරීමට කැමැත්තක් දක්වන පිරිස් වෙත සහනදායී මිලකට අමුද්‍රව්‍ය ලබාදීමට එකඟ වූ අතර, එම නිෂ්පාදන ශ්‍රී ලංකා පාබල හමුදා ආපනශාලාවල අලෙවි කිරීමට ද අවස්ථාව ලබා දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.