14th November 2024 16:37:03 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී හා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 11 දින පැවැත්විය.
මෙම වැඩසටහනේදී පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සහ කරවෙඩ්ඩි ශ්‍රී නාරද විද්‍යාලයේ සිසු සිසුවියන් 97 දෙනෙකුට සඳහා එම පාසල් පරිශ්‍රයන් හීදී පාසල් උපකරණ ප්රදානය කරන ලදී.
මෙම වැඩසටහනට සහභාගී වූ ගුරුවරුන් 40 දෙනෙකු සඳහා ද තිළිණ ප්‍රදානයක් සිදුකරනු ලැබූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.