Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th November 2024 16:29:42 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් රාගම රණවිරු සෙවණේදී පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2024 නොවැම්බර් මස 13 දින රාගම රණවිරු සෙවණේදී අභිමංසල I, II, III, මිහිඳු සෙත් මදුර සහ රණවිරු සෙවණ යන සුවතා නිකේතනයන්හි ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම උත්සවයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත රෝද පුටු, කිහිලිකරු, කොමඩ් පුටු, ඇවිදීමේ ආධාරක සහ වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම සිදු විය. රණක්‍ෂිතයට පත්ව විවිධ ආබාධයන් සඳහා ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ රැකවරණය සහ සුවපහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය එහිදී එම රණවිරුවන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා, සුවදුක් සහ පවුල්වල සමාජිකයන්ගේ ගැටළු පිළිබඳව ද විමසන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ද ගන්නා ලදී.