11th November 2024 17:05:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 26 වන දින පුත්තූර්හි ශාන්ත ලූකස් වැඩිහිටි නිවාසයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
පරිත්‍යාග වැඩසටහන අතරතුර, නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දෛනිකව අත්‍යාවශ්‍ය වන ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ අඩංගු ඇසුරුම්, ආහාර සලාක සහ මදුරු දැල් ආදිය ලබා දෙන ලදී. මෙහිදී විනෝදාස්වාදජනක වැඩසටහන්ද පැවැත්වූ අතර, වැඩසටහන අවසන් කරමින් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.