11th November 2024 09:59:16 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි සහ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හි රාජකාරිකරනු ලබන තෝරාගත් හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් 200 ක් බෙදා දීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 08 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.
උත්සව අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.