Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th November 2024 14:56:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව හා 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සමඟ එක්ව පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 26 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සාමාජිකයන්ගේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අපොස (සා/පෙළ) විභාගයන් තුළින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ දරුවන් වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය සහභාගී විය. 2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සහ අපොස (සා/පෙළ) විභාගයන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් පස් දෙනෙකු සඳහා රුපියල් 1000 ක ත්‍යාග පාර්සල් සහ DSI ත්‍යාග වවුචරයක් ඇතුළු 18,000 ක වටිනාකමකින් යුත් පරිත්‍යාගයන් මෙහිදී සිදුකරනු ලැබීය. මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා මූලස්ථාන පරිශ්‍රයේ නුදුරේදී ඉදිකිරීමට යෝජිත පුස්තකාලය සඳහා චන්දුප එදිරිසිංහ සහ ශස්මිත පතිරාජ යන මහත්වරුන් විසින් පොත් පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ඔවුන්ගේ දරු දැරියන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.