06th November 2024 23:25:41 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම 2024 ඔක්තෝබර් මස 29 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම රැස්වීමේ මුලසුන හෙබවූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මිය විසින් එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයාබලමින් දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතින් පිළිබඳවත් අනාගතයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සැලසුම් කිරීම පිළිබඳවත් අවධානය යොමුකරනු ලැබීය. එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ විකාශනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා ගතයුතු පියවරවල වැදගත්කම පිළිබඳව ද සභාපතිතුමිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක් මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.