05th November 2024 19:05:15 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 නොවැම්බර් මස 05 දින අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
සුවතා නිකේතනය වෙත සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවෙකු විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, ජානකී ලියනගේ මහත්මිය විසින් එම සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් දෙදෙනෙකු වෙත රෝද පුටු පරිත්‍යාග කරනු ලැබීය. එමෙන්ම, එම සුවතා නිකේතනයේ සේවයේ නියුතු සහයකයින් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 30 ක් ද පරිත්‍යාග කරනු ලැබීය.
එම රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී එම රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු පිළිබඳව ද විමසා බැලීය. එම රණවිරුවන්ගේ හස්ත කර්මාන්ත කුසලතාවයන් නිරීක්ෂණය කළ එතුමිය එම නිර්මාණාත්මක හැකියාවන් ඇගයීමට ලක්කළාය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමිය පෙනීසිටියාය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.