05th November 2024 18:54:08 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් 2024 නොවැම්බර් මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ නැගෙනහිර මූලස්ථානයන්හි සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් මෙම වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.