Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st November 2024 10:39:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගර්භනී මව්වරුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකාය යටතේ සේවයේ නියුතු ගර්භනී යුද්ධ හමුදා සාමාජිකාවන් සහ කරන්දෙණිය ප්‍රදේශය අවට ගම්මානවල වෙසෙන ගර්භනී මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත පාර්සල් 50 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ක්‍රියාත්මක කෙරිණි.

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් එම ගර්භනී මව්වරුන් සඳහා සෞඛ්‍ය සම්පන්න උදෑසන සහා දිවා භෝජන සංග්‍රහයක් හා උදෑසන තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමිණි. මෙම වැඩසටහන අතරතුරදී, වෛද්‍ය ටී. ප්‍රනීත් විසින් ගර්භනීභාවයට පෙර සහ පසු සිදුකළ යුතු සියලු වැදගත් පිළිවෙත් පිළිබඳව දේශනයක් ද පවත්වනු ලැබීය. පසුව එම මව්වරුන් සඳහා ප්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.