31st October 2024 18:10:21 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත එම ඒකකය වෙතින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ 6 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 30 දින අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
මෙම වැඩසටහන අතරතුරදී, එම රෝගීන් වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.
මීට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය වෙතින් එම වාට්ටුවේ ජලාපවාහන පද්ධතිය පිරිසිදු කිරීමට සහ අබලන්ව පැවති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට කටයතු කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.