31st October 2024 20:09:01 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත ගර්භනී යුද්ධ හමුදා නිලධාරිනියන් සහ කාන්තා සෙබළියන් 60 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය මාතෘ ආධාර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
මෙම උත්සවය අතරතුරදී, එම ගර්භනී යුද්ධ හමුදා සාමාජිකාවන් වෙත පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුණු අතර වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයක් ගනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.