29th October 2024 14:40:47 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ අම්බලන්ගොඩ, වරුසවිතාන වැඩිහිටි නිවාසයේ දී දානමය පිංකමක් 2024 ඔක්තෝබර් මස 26 දින පැවැත්විය. එම බලකා සේවා වනිතා ශාඛාවේ ලේකම් නිලූපා මහතන්තිල මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු සඳහා මෙම පින්කම පැවැත්වූහ.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.