29th October 2024 17:59:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 ඔක්තෝම්බර් මස 21 දින කළුතර ජාවත්ත වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමිණි.
මෙම වැඩසටහනට සමගාමීව, ධර්ම දේශනාවක්, දානමය පිංකමක් සහ බුද්ධ පූජා පිංකමක් ද සිදුකෙරිණි.
ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් පසුව එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ භාවිතය සඳහා පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.