29th October 2024 14:40:12 Hours
ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත ඔක්තෝබර් මස 26 දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු අධ්‍යයන මධ්‍යස්ථානයේදී විශේෂ ළමා ක්‍රියාකාරකම් දිනයක් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති සහ මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය යටතේ සේවයේ නියුතු නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් 100 දෙනෙකු සහභාගී වූහ. එහිදී, එම දරු දැරියන් හට කණ්ඩායම් ක්‍රියාකාරකම්වල ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් හිමිවිය. එසේම මෙම වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ආර්.එම්. රොහාන් රත්නායක විසින් ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩා විද්‍යාව පිළිබඳ දේශනයක් පැවැත්විණි.
මෙම උත්සවය අතරතුරදී, සෑම දරුවෙකුටම විශේෂ ටී-ෂර්ට් එකක් සහ වර්ණවත් ඔරලෝසුවක් ලැබුනු අතර විනෝදාස්වාද වැඩසටහනක් ද පැවැත්විණි. වැඩසටහන අවසානයේදි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය.
මෙම වැඩසටහනට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.