Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th October 2024 14:42:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල - II සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ අධීක්‍ෂණය සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 ඔක්තෝබර් මස 25 දින කඹුරුපිටිය, අභිමංසල - II සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකායේ බලකාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් ආමන්ත්‍රණය කරමින් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. ඉන් අනතුරුව, සුහඳ තේ පැන් සංග්‍රහයක් සහ සජීවී සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි. පසුව, එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ සුරතින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 13 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල්, ඔවුන්ගේ භාරකරුවන් සඳහා වියළි ආහාර සලාක පාර්සල්, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

සංචාරය සමාප්තියේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එම සුවතා නිකේතනයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගී විය.