29th October 2024 14:47:23 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.
ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් ලාන්ස් කෝප්රල් එන්.ඩී.සී.සී. නරසිංහ වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ සුරතින් 2024 ඔක්තෝම්බර් මස 27 දින විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, නිවාසලාභියා ප්රමුඛ සිය පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.