Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th October 2024 19:50:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සෙබලෙකු සඳහා නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී හා එම බලකා සේවාවනිතා ශඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නිවාස අවශ්‍යතා ඇති සෙබලෙකු සඳහා නිවසක් ඉදිකරන ලදී. එම නිවස කුලියාපිටිය ප්‍රදේශයේ දී 2024 ඔක්තොම්බර් මස 22 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය නිවාසය ප්‍රධානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, තවඳ මෙම උත්සවයේ දී ප්‍රතිලාභියා වෙත තෑගි පාර්සල් සහ නිවස අත්‍යවශ්‍ය තීන්ත ප්‍රදානය කරන ලදී.

ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් ඉදිකරනු ලැබූ පලමු වන නිවස වන අතර, නව නිවස ප්‍රතිලාභියා වෙත පවරා දීමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, ප්‍රතිලාභීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද සහභාගී වූහ.