26th October 2024 23:03:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ මඟපෙන්වීම යටතේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියක් සඳහා අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් 2024 ඔක්තෝම්බර් මස 16 දින දඹගොඩදී නිල වශයෙන් එම පවුල වෙත පවරා දෙන ලදී. .
4 බළඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ තාක්ෂණයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භට පිරිස් විසින් මෙම නිවස ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.